“‍‍මන්කි පොක්ස්” ව්‍යාප්ත වීම හේතුවෙන් රටවල් රැසක හදිසි තත්වයන්

ජූලි 25, 2022

    “‍‍මන්කි පොක්ස්” වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රටවල් රැසක් මේ වන විට හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ඊයේ දිනයේ මෙම රෝගය හේතුවෙන් ගෝලීය හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    බොහෝ රටවල්වලින් මේ වන විට “‍‍මන්කි පොක්ස්” වෛරස ආසාදිතයින් හමුවීම ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා ගෝලීය වශයෙන් මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි, සෞඛ්‍ය ‍විශේෂඥයින් අනතුරු අඟවන්නේ. දිල්ලි නගරයෙන් ද ඊයේ දිනයේ “‍‍මන්කි පොක්ස්” ආසාදිතයෙක් හමුවී ඇති අතර, ඉන්දියාවේ තවත් ප්‍රාන්ත තුනකින්ම වෛරස ආසාදිතයින් හමුවී තිබෙනවා. දිල්ලි නගරයේ හමුවූ ආසාදිතයා කිසිඳු ආකාරයක විදේශ සංචාරයක නිරත වී නැහැ. එසේම, ඔහුගේ ආශ්‍රිතයින් කිසිවෙක්ද විදේශ සංචාරයක නිරත වී නොතිබීම හේතුවෙන් දිල්ලි නගරයේ වෛරසය පැතිර යාම පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

    Latest News