රටවල් 15ක් පුරා මන්කි පොක්ස් වෛරසය

මැයි 23, 2022

    ඊශ්‍රායලය, ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව යන රටවලට ද මන්කි පොක්ස් වෛරසය ව්‍යාප්ත වී තිබේ.

    එම රටවල් ද ඇතුළුව ගෝලීය වශයෙන් මේ වන විට රටවල් 15ක් තුළ මෙම නව වෛරස ආසාදිතයන් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට වෛරසය ගෝලීය වශයෙන් වේගවත්ව ව්‍යාප්ත වෙමින් පවතියි. නව වෛරසය මගින් ඇති කරනු ලබන සංකූලතා, මාරාන්තික නොවන නමුත්, සංකූලතාවයන් දීර්ඝ කාලයක් පැවතීම තර්ජනයක් වී තිබේ.

    අප්‍රිකානු වඳුරන් හා හඳුනා ගත් සත්ව කොට්ඨාස තුළ, මෙම වෛරසය පැතිරී පැවතිය ද අප්‍රිකාවෙන් පිටත යුරෝපය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල මිනිසුන් හට ආසාදනය වූ ප්‍රථම අවස්ථාව මෙය වන බවයි වාර්තා වන්නේ.

    Latest News