අමෙරිකාවේ උද්ධමනය ඉහළට...

ජූලි 14, 2022

    අමෙරිකාවේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව එරට නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

    එරට ආර්ථික විශේෂඥයින් පවසන්නේ, ඉකුත් ජුනි මස අමෙරිකාවේ උද්ධමනය සියයට 9.1 ක් දක්වා ඉහළ ගිය බවයි. 1981 වසරේ සිට අමෙරිකාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම උද්ධමනය මෙය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එරට ගෑස් සහ ආහාර මිල, කුලී සේවාවන්හි මිල ගණන් ඉහළ බලශක්ති පිරිවැය මෙන්ම, පොලී අනුපාත වැඩිවීමද උද්ධමනය මෙලෙස ඉහළ යාමට මූලිකව බලපා ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

    මේ වසරේ පළමු මාස තුන තුළ අමෙරිකානු ආර්ථිකය අවපාතයකට ලක් වූ බව ඔවුන්ගේ අදහසයි. විශේෂඥයන් පෙන්වා දෙන්නේ, ඉකුත් වසර තුළ අමෙරිකාවේ සිල්ලර භාණ්ඩ මිල සියයට 12 කින් ඉහළ ගිය බවයි. එරට අඩු ආදායම්ලාභී පුරවැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, ඔවුන්ගේ ආදායමෙන් වැඩි කොටසක් ප්‍රවාහන සහ ආහාර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා වැය කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අමෙරිකාවේ බොහෝ භාණ්ඩ හා සේවාවල මිල සාමාන්‍ය ආදායමට වඩා ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග අමෙරිකානුවන් බහුතරයක් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහිද දැඩි බලපෑම් එල්ල කර ඇති විදෙස් වාර්තාවන සඳහන්.

    Latest News