කෝපන්හේගන් වෙඩි ප්‍රහාරයකින් උණුසුම් වෙයි

ජූලි 04, 2022

    ඩෙන්මාකර්යේ අගනුවර වූ කෝපන්හේගන් හි සාප්පු සංකීර්ණයක් තුළ සන්නද්ධ පුද්ගලයෙක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි, ඩෙන්මාර්ක් බලධාරීන් පවසයි.

    ප්‍රහාරය සිදුව ඇත්තේ, ඩෙන්මාර්කයේ අගනුවර විශාල සාප්පු සංකීර්ණයක් තුළදී. ඇසින් දුටු පුද්ගලයින් පවසන්නේ, ප්‍රහාරයට පැමිණි පුද්ගලයා රයි‍ෆලයක් ඇතැතිව එම සාප්පු සංකීර්ණය තුළට ගොස් වෙඩි තබා ඇති බවයි.

    ප්‍රහාරය එල්ල වීමත් සමග ක්ෂණිකව සක්‍රීය වූ එරට ආරක්ෂක අංශවලට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. ඒ වන විටත් , ඔහු සන්තකයේ රයි‍ෆලය සමග පතොරොම් රැසක් තිබූ බව, එරට පොලිස් ප්‍රධානියා මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියා.

    ප්‍රහාරය එල්ල කළ 22 හැවිරිදි “එත්නික් ඩෑන්” නමැති පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම් සහ පොලිස් විමර්ශන ආරම්භ කොට ඇතැයි, වාර්තා වෙයි. ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍ය මෙටේ ‍ෆෙඩ්රිකක්සන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින්ට සිය සං‍වේගය පළ කර තිබේ.

    මෙම දුෂ්කර අවස්ථාවේදී ඩෙන්මාර්ක් වැසියන් සහයෝගයෙන් යුතුව ක්‍රියා කොට, දේශය දිරිමත් කිරීමට කැප විය යුතු බවයි, අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ.

    එම සිදුවීම පිළිබඳව අසල්වැසි යුරෝපානු නායකයින් වන ෆින්ලන්තයේ අග්‍රාමාත්‍ය සන්නා මරීන් සහ නෝර්වේජියානු  අග්‍රාමාත්‍ය යෝනස් ගස් ස්ටොරේ ද ප්‍රහාරය හෙළා දැක ඇති අතර, විපතට පත් පුද්ගලයින් හට සිය සංවේගය පළ කර තිබේ.

    Last modified on සදුදා, 04 ජූලි 2022 12:07

    Latest News