පකිස්තානයේ බස් අනතුරකින් 19ක් මරුට...

ජූලි 03, 2022

    නිරිත දිග පකිස්තානයේ, බලුකිස්තාන් ප්‍රාන්තයේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් 19ක් ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

    තවත් 11ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. බස් රථය ඉස්ලාමාබාද් සිට ක්වෙටා දක්වා ධාවනය වෙමින් තිබූ අතර, එය විශාල ප්‍රපාතයකට පෙරළි ගොස් තිබෙනවා. වැසි පවතින අවස්ථාවක අධික වේගයෙන් බස් රථය ධාවනය කිරීම අනතුරට හේතුව බවයි, පකිස්තාන මාධ්‍ය වාර්තාවල සඳහන්.

    තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙකුගේ තත්වය බරපතල වන අතර, මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව බලධාරීන් පවසනවා. පකිස්තානයේ දුර්වල මාර්ග, දුර්වල යටිතල පහසුකම් සහ නිසි ලෙස නඩත්තු නොකරන ලද වාහන හා රියදුරන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙවැනි අනතුරු නිරන්තරයෙන් වාර්තා වනවා.

    Latest News