ලොව ආරක්ෂිතම නගරය ලෙස කෝපන්හේගන්

සැප් 18, 2021

    2021 වසරේ ලොව ආරක්ෂිතම නගරය ලෙස ඩෙන්මාර්කයේ, කෝපන්හේගන් නගරය තෝරාගෙන තිබේ.

    ගෝලීය ආරක්ෂිත නගර දර්ශකය මගින් ලොව නගර 60ක් ආරක්ෂිත රටවල් ලෙස තෝරාගෙන ඇති අතර ඉන් පළමු නගරය කෝපන්හේගන් ලෙසයි, තේරී පත්වී ඇත්තේ.

    ආරක්ෂිතම නගරය තෝරා පත් කිරීම සඳහා නිර්ණායක වශයෙන් ඩිජිටල් ආරක්ෂාව,සෞඛ්‍ය,යටිතල පහසුකම්,පාරිසරික ආරක්ෂාවන් හා පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ සොයා බැලෙයි.

    ගෝලීය ආරක්ෂිත නගර දර්ශකය අනූව වසර ගණනාවක් පුරා එම ලැයිස්තුවේ පළමු ස්ථානය මාරුවෙන් මාරුවට හිමිකර ගත්තේ ටෝකියෝ,සිංගප්පූරුව,ඔසාකා වැනි ආසියානු නගරයි.
    නමුත්, එය 2021 වර්ෂයේ දී වෙනස්වීමකට ලක්ව ඇත්තේ ලොව පුරා ඇති වසංගත තත්වය හේතුවෙන් බව වාර්තා වෙයි.

    2019 වර්ෂයේ දී අටවන ස්ථානයේ පැවති කෝපන්හේගන් නගරය ලකුණු 100කින් 82.4ක් ලබාගනිමින් ලොව ආරක්ෂිතව රට බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 18 සැප්තැම්බර් 2021 10:45

    Latest News