තායිවානය ගැන අමෙරිකාවේ ස්ථාවරයට චීනයේ නොසතුට

මැයි 24, 2022

    තායිවානය සම්බන්ධයෙන් අමෙරිකාව දරන ස්ථාවරය පිළිබඳව චීනය නොසතුට පළ කර තිබේ. චීනය පවසන්නේ, අමෙරිකාව ගින්දර සමග සෙල්ලම් කරන බවයි.

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා තායිවානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට පසුව චීනය මෙම නිවේදනය නිකුත් කර තිබේ. ජෝ බයිඩන් සඳහන් කර ඇත්තේ, තායිවානයට චීනය ප්‍රහාර එල්ල කළහොත්, අමෙරිකාව තායිවානය යුදමය වශයෙන් ආරක්ෂා කළ යුතු බවයි.

    තායිවානය සම්බන්ධයෙන් වන චීන ජාතික කවුන්සිලය සඳහන් කරන්නේ, චීනය පාලනය කිරීමට අමෙරිකාව තායිවානය භාවිත කිරීමට උත්සහ දරන බවයි.

    එසේ වුවහොත්, අමෙරිකාවට බරපතල අර්බුදවලට මුහුණදීමට සිදුවන බවයි, චින බලධාරීන් පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 24 මැයි 2022 09:46

    Latest News