සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 17ක් මරුට.... aljazeera

සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 17ක් මරුට....

මැයි 24, 2022

    මියර්නාමාරයේ වෙරළට ඔබ්බෙන් වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රොහින්යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළී තිබෙනවා.

    එහිදී දරුවන් ඇතුළු සරණාගතයින් 17 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තාවනවා. පුද්ගලයින් 90 දෙනෙකු රැගත් බෝට්ටුව බෙංගාල බොක්ක හරහා මැලේසියාවට යාත්‍රා කරමින් තිබී ඇත. ඇතැම් පුද්ගලයින්ගේ මළ සිරුරු "බටහිර රඛීන්" ප්‍රාන්තයේ වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 50කට අධිකයි. මියන්මාර් හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ, රඛීන් ප්‍රාන්තයේ වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 50ක පමණ දුරකින් බටහිර දෙසින් බෝට්ටුව පෙරළී ඇති බවයි.

    Latest News