යුක්‍රේනයේ ගැටුම් නිසා දිනකට අහිමිවන ජිවිත සංඛ්‍යාව 50කට අධිකයි...

මැයි 23, 2022

    යුක්‍රේනයේ ගැටුම් හේතුවෙන්, දිනකට ජිවිත 50කට අධික සංඛ්‍යාවක් අහිමි වන බව, එරට ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. මෙහිදී යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ, රුසියානු හමුදාව යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශවල බලය අත්පත් කර ගැනීමට දැඩි ප්‍රයත්නයක යෙදී සිටින බවයි. ප්‍රහාර හේතුවෙන් එරට සිවිල් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති අතර, ගොඩනැගිලි රැසක් ද මුළුමණින්ම විනාශ වී ඇතැයි ඔහු කියා සිටියා...

    Latest News