ගෘහස්ථ මත්පැන් විෂ වී ඉරානයේ 8ක් රෝහලේ

මැයි 04, 2022

    ඉරානයේ ගෘහස්ථව නිෂ්පාදන කෙරුණු මත්පැන් විස වීමෙන් 8 දෙනෙකු මියගොස් 51 දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    රෝහල් ගත කෙරුණු පුද්ගලයින් අතරින් 17 දෙනෙකු බරපතල තත්වයේ පසු වන බව ඉරාන බලධාරීන් පවසයි. මෙම මත්පැන් නිෂ්පාදනය හා බෙදා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ඉරානය තුළ මත්පැන් නිෂ්පාදනය, විකිණීම හා පරිභෝනය දැඩි ලෙස තහනම් කර ඇති අතර සුලු පිරිසක් සදහා පමණක් අවසර දී තිබේ.

    මෑත වසරවල දී ඉරාන ජාතිකයන් සිය ගණනක් මියගොස් ඇත්තේ මෙතනෝල් අඩංගු බීම පානයෙන් බවයි වාර්තා වන්නේ.

    Last modified on බදාදා, 04 මැයි 2022 12:17

    Latest News