නව කොවිඩ් ප්‍රභේද ආසාදිතයෙක් ඉන්දියාවෙන්

අප්‍රේ 07, 2022

    තවත් කොවිඩ් වෛරස ප්‍රභේදයක් ඉන්දියාවෙන් වාර්තා වී ඇත.

    XE ලෙස එම ප්‍රභේදය නම් කර ඇති අතර පළමු ආසාදිතයා හමුව ඇත්තේ ඉන්දියාවේ, මුම්බායි නගරයෙන් හමුව තිබේ.

    ඇය දකුණු අප්‍රිකාවේ සිට පැමිණි 50 හැවිරිදි කාන්තාවක්. පෙබරවාරි 10 වැනි දින දකුණු අප්‍රිකාවේ සිට මුම්බායි වෙත ඇය පැමිණ ඇතැයි සදහන්වේ. ඇය පැමිණීමේදී සම්පූර්ණ එන්නත්කරණයකට ලක්ව ඇත. ඇයගේ වාර්තාවේ කිසිදු Covid-19 රෝග කාරකයක් පවතින බවක් පෙන්නුම් නොකළ බවද සෞඛ්‍ය බලධාරීන් සදහන් කර තිබේ.

    නමුත් මාර්තු 2 වැනිදා උප නගර රෝග විනිශ්චය විසින් පවත්වන ලද සාමාන්‍ය පරීක්ෂණයකදී, ඇය ධනාත්මක බව පරීක්‍ෂා කර හෝටල් කාමරයක දී නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

    කෙසේ නමුත් XE ප්‍රභේදය මුලින්ම සොයාගනු ලැබුවේ එක්සත් රාජධානියේ වන අතර එය ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතියක් බව සදහන් වේ. විශේෂඥයන් විශ්වාස කරන්නේ එය දරුණු ආසාදන ඇති නොකරනු ඇති බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 අප්‍රේල් 2022 10:15

    Latest News