යුක්‍රේනයේ මාතෘ හා ළමා රෝහලට ප්‍රහාරයක්

මාර් 10, 2022

    යුක්‍රේනයේ මරියාපෝල් මාතෘ හා ළමා රෝහලට රුසියානු හමුදා විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරය හෙළා දකිමින් මෙය යුධ නීති උල්ලංඝනය කිරීමත් බවයි, අමෙරිකාව පවසන්නේ.

    රුසියානු ප්‍රහාරයන් හමුවේ යුක්‍රේන සාමාන්‍ය වැසියන්හට ගැටුම් පවතින ප්‍රදේශවලින් ඉවත්ව යෑමට අවසර ලබාදීමේ එකඟතාවයක් රුසියාව හා යුක්‍රේනය අතර මීට පෙර ඇතිකර ගනු ලැබීය. නමුත් යුද්ධයේ උණුසුම මේ වන විට ඉහළ ගොස් ඇති අතර රුසියානු ප්‍රහාරයන් දැඩිකර ඇති බවයි වාර්තා වන්නේ.

    මේ වන විට යුද්ධයේ තුන්වැනි සතියට එලඹි ඇති අතර රුසියාව සතු ගුවන් හමුදා බලයේ ශක්තිය ද වැඩි වශයෙන් ක්‍රියාත්මක වීමට පටන් ගෙන තිබේ.

    යුක්‍රේනයේ මාතෘ රෝහලකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 17 දෙනෙකු දරුණු ලෙස තුවාල ලැබූ බව යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙස්කි ප්‍රකාශ කරයි.

    අමෙරිකාව ඇතුළු යුරෝපානු රටවල් මෙය යුද අපරාධයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News