ෂැකල්ටන්ගේ නැතිවූ නෞකාව වසර 107කට පසු සොයා ගැනේ

මාර් 10, 2022

    මීට වසර 107 පුරා මුහුඳු පත්ලේ සැඟව තිබූ එන්ඩුරන්ස් නෞකාව සොයා ගැනීමට සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.

    මුහුඳු ගවේෂණ ඉතිහාසයේ සිදුකෙරුණු ඉතා විශිෂ්ටතම සොයාගැනීමක් ලෙස මෙය සැලකේ.

    ඇන්ටාක්ටිකාව ගවේෂණය කිරීම සඳහා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව මුහුඳු අයිස්වල ගැටී ගිලී ගියේ 1915 වසරේදීය. ඒ වන විට එම නෞකාව ⁣සුප්‍රසිද්ධ ධ්‍රැවප්‍රදේශ ගවේෂකයෙක් වන ශ්‍රීමත් අර්නස්ට් ෂැකල්ටන්ගේ ප්‍රධානත්වයෙන් ගවේෂණ කටයුතුවල නිරත වෙමින් තිබුනි.

    අනතුරට ලක් වන විට එම රුවල් නෞකාවේ 27 දෙනෙක්ගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සේවය කරමින් සිටි අතර ගිලී යාමට පෙර සියලු දෙනා ආරක්ෂිතව ඉන් ඉවත් වීමට සමත් විය.

    Latest News