බ්‍රසීලයේ ගංවතුරින් 120ක් මරුට..100ක් අතුරුදන්

පෙබ 18, 2022

    බ්‍රසීලයේ පෙට්‍රෝපොලිස් නගරයට බලපෑම් සිදුවූ ගංවතුර සහ නාය අනතුරුවලින් 120 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ, තවත් 100ට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

    මියගිය 117 දෙනෙක්ගේ සිරුරු හමුවී ඇති අතර අතුරුදන්වූවන් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීම ඵල රහිත බව බලධාරීන් පවසයි. විපතට පත් 130කට වැඩි පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වී නැහැ. ඔවුන් සියලුදෙනා අතුරුදන්ව ඇති බවටයි, සැක කෙරෙන්නේ.

    බ්‍රසීලයට ඉකුත් අඟහරුවාදා පැය තුනක කාලයක් ඇතුළත මිලිමීටර 258ක වර්ෂාපතනයක් ලැබී නැහැ.

    එය එම ප්‍ර‍දේශයට ඉකුත් දින 30ක කාල සීමාව පුරා ඇඳහැලුණු වර්ෂාවටත් වඩා වැඩි අගයක්. පෙට්‍රොපොලිස් නගරයට මේ සිද්ධියෙන් අනතුරුව දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    Latest News