චීනය වසර මුලදීම විදේශ ආයෝජන දිනාගනී

පෙබ 18, 2022

    පසුගිය ජනවාරි මාසයේ, බැංකු, සුරැකුම් හා රක්ෂණ ක්ෂේත්‍ර හැර චීනය ප්‍රායෝගිකව යොදා ගත් විදේශ ප්‍රාග්ධනයන්හි වටිනාකම ඇ.ඩො. බිලියන 15.84ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 17.6ක වැඩිවීමකි.

    විදේශ ආයෝජකයන් චීනයේ ආයෝජන පුළුල් කර ඇත්තේ, එම වෙළඳපොළෙන් සැලකිය යුතු ප්‍රතිලාභ ඔවුන්ට අත්පත් වන නිසාය. පසුගිය 11 වැනිදා ෂැංහයි නාගරික රජය, වසර 2022 විදේශ ආයෝජන ව්‍යාපෘති පිළිබඳ ගිවිසුම්වලට අත්සන් තැබීමේ උළෙලක් පැවැත්වීය.

    වෛද්‍ය සේවා, විද්‍යුත් තොරතුරු, මෝටර් රථ, විලාසිතා ඇතුළු ක්ෂේත්‍රයන්හි විදේශ ආයෝජන ව්‍යාපෘති 53ක් එහිදී අනුමත කෙරිණ. එම ආයෝජන වටිනාකම ඇ.ඩො. කෝටි 544කි.

    ඉන් ව්‍යාපෘති 21ක ආයෝජන වටිනාකම ඇ.ඩො. කෝටි 10කට අධිකය. වසංගතය තත්ත්වය හා ගෝලීය ඍජු ආයෝජන අවස්ථා ඇහිරී ඇති මොහොතක, චීනයට මෙතරම් විදේශ ආයෝජන දිනාගත හැකිවීම, එරට වසංගත පාලන ජයග්‍රහණයේ පිළිබිඹුවකි. එසේම, චීනයේ සුවිසල් වෙළෙඳපොළේ ආකර්ෂණය ද විදහා පෑමකි.

     

    අරෝෂා සමරදිවාකර (රූපවාහිනී වාර්තාකරු)

    චීනයේ බෙයිජිං නුවර සිට 

    Latest News