මාස 6ව වැඩි දරුවන්ටත් නිර්දේශ වූ කොවිඩ් එන්නතක්

පෙබ 02, 2022

    ෆයිබර් බයෝ එන්ටෙක් ආයතනය මාස 6ට වැඩි දරුවන් සඳහා සිය කොරෝනා මර්දන එන්නත නිර්දේශ කර තිබේ. ඊට අමෙරිකානු සෞඛ්‍ය නියාමකන්ගේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

    මාස 6ට වැඩි දරුවන්ගේ සිට අවුරුදු 5ට අඩු දරුවන් දක්වා එන්නත ලබාදීමට සමාගම අපේක්ෂා කරයි. අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය, මෙය අනුමත කළ හොත් අදාළ වයස් කාණ්ඩයේ දරුවන්ට එරට අනුමත වන පළමු එන්නත බවට ෆයිසර් පත් වනු ඇති.

    තවදුරටත් ඉහළ කොරෝනා ව්‍යාප්තියක් පවතින අමෙරිකාවෙන් ඊයේ හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යව දෙලක්ෂ 64,000කට අධිකයි.

    ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස මරණ 2,780ක් එරට සිදුව තිබේ.

    Latest News