නියමුවා යළි බාර දෙන්නැයි ඉන්දියාව ඉල්ලයි

පෙබ 28, 2019

    පකිස්තානය විසින් වෙඩිතබා බිම හෙලන ලද ඉන්දීය ප්‍රහාරක යානයේ නියමුවා නිදහස් කර, ආරක්ෂක සහිතව තමත් වෙත බාර දෙන්නැයි, ඉන්දියාව ඉල්ලා සිටිනවා.

    ගුවන් නියමුවා පකිස්තාන අත්අඩංගුවට පත් වූයේ ඊයේ දිනයේදී.

    එලෙස අත්අඩංගුවට පත්ව සිටින්නේ, වින්ග් කර්මාන්ඩර් අභිනන්දන් නමැති ඉන්දීය ගුවන් නියමුවෙක්. 1971 වසරෙන් පසු දෙපාර්ශවය අතර ඇතිවූ දරුණුතම ගුවන් සංග්‍රාමය මෙයයි. ගැටුමේ දී ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් බිම හෙලීමට පකිස්තානය කටයුතු කළේය. මේ අතර, අර්බුදය සාකච්ජා මට්ටමෙන් විසඳාගත යුතු බව රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටී.

    අර්බුදය සමතයකට පත්කර ගැනීමට නොහැකි වුවහොත් තමන්ට හෝ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට හෝ මෙම තත්වය පාලනය කරගත නොහැකි වනු ඇතිබවයි, ඉම්රාන් ඛාන් පවසා සිටියේ. සිට ඉදිරි ආරක්ෂක වළල්ල ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දියාව, එරට සිටින පකිස්තාන නියොජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත දැඩි අප්‍රසාදය පළකර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 පෙබරවාරි 2019 08:01

    Latest News