වීදියේ සතුට කඳුලක් කළ පකිස්තාන ගුවන් ප්‍රහරය

පෙබ 27, 2019

    කාෂ්මීර ප්‍රදේශයෙන් පකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදා යානා දෙකක් වෙඩි තබා බිමහෙලූ බව පකිස්ථානය පවසයි.

    එක් ගුවන් නියමුවකු අත්අඩංගුවට ගත් බව පකිස්ථාන ආරක්ෂක අංශ තහවුරු කර ඇත.ඒ අනුව එක් ගුවන් යානයක් පකිස්ථාන පාලන ප්‍රදේශයට ද අනෙක් යානය ඉන්දීය පාලන ප්‍රදේශයටද කඩා වැටි ඇති බව වාර්තාවේ.

    මේ අතර පාකිස්තානයේ ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුහුණු කඳවුරක සිටි සටන්කාමීන් ඝාතනය කළ බවට ඉන්දීය රජය නිවේදනය කිරිමත් සමඟ එරට විදීවල සැමරුම් උත්සව පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

    ජනතාවගේ එම ප්‍රතිචාරත් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියතාව නැවත වරක් ඉහළ යනු ඇතැයි පැවැසෙන අතර ඉන්දීය මහ මැතිවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිතයි.

    මතභේදාත්මක පෙබරවාරි 14 වැනිදා කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පාකිස්තානය මුලිකව ක්‍රියාත්මක ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ. පසුව ඉන්දීය ගුවන් හමුදාව එම සංවිධානයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරවලින් එම සංවිධානයේ පුහුණු කඳවුරක් විනාශ වී සටන්කාමීන් සිය ගණනක් මියගොස් ඇති බව ඉන්දියාව පවසයි.

    ඉන්දීය ගුවන් හමුදාව ප්‍රහාරවලින් හානියක් හෝ සටන්කාමීන් මියගිය හෝ තුවාල ලැබූ බවට තොරතුරු නැතැයි ද පාකිස්තානය කියයි.

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 14:22

    Latest News