'ඔමික්‍රොන්' නිසා ගුවන් ගමන් 75,000ක් නවතී

දෙසැ 27, 2021

    ඔමික්‍රොන් ව්‍යාප්තිය හේතුවෙන් අන්තර්ජාතික ගුවන් ගමන් රැසක් ඊයේත් අවලංගු කෙරිණ.

    පසුගිය සති අන්තයේ පමණක් අවලංගු කෙරුණු ගුවන් ගමන් සංඛ්‍යාව 75,000කට අධිකයි.ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ගුවන් කාර්ය මණ්ඩලයට ද ආසාදනය වීම මීට ‍ප්‍රධාන හේතුවයි.

    මේ නිසා ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ස්වයං නි‍රෝධායනයට යොමු වීමෙන් තත්වය උග්‍ර වී තිබේ. වැඩිම බලපෑම සිදුව ඇත්තේ, චීන හා අමෙරිකානු ගුවන් සමාගම්වලට බවයි වාර්තා වන්නේ.

    අද අළුයම් කාලයේ දී ගුවන් ගමන් රැසක් අත්හිටුවීමට සිදුවූ බවයි, ගුවන් සමාගම් රැසක් නිවේදනය කළේ.

    ඊයේ පමණක් ගුවන් ගමන් 2400ක් අත්හිටුවා ඇති අතර, ඉන් 800ක්ම වාර්තා වී ඇත්තේ අමෙරිකානු ගුවන් තොටුපොළවලින්.

    Last modified on සදුදා, 27 දෙසැම්බර් 2021 11:55

    Latest News