ඊශායලය, ගෝලාන්හි ජනාවාස පිහිටුවීම අරඹයි

දෙසැ 27, 2021

    ගෝලාන් කඳුකර ප්‍රදේශයේ අත්පත් කරගත් ප්‍ර‍දේශවල ජනාවාස පිහිටුවීම දෙගුණ කරන බව ඊශ්‍රායලය පවසයි. අගමැති නෆ්ටාලි බෙනට් සඳහන් කරන්නේ අමෙරිකාවෙන් ලැබුණු පිළිගැනීමත් සමග මෙම තීරණය ගත් බවයි.

    ගෝලාන් කඳුකර ප්‍රදේශයේ විසි පන් දහසක් පමණ ඊශ්‍රායල ජනතාවක් වාසය කරයි. ඊට අමතරව එහි මුල් පදිංචිකරුවන් වූ ‍ඩෲස් වාසීන් විසිතුන් දහසක් පමණ ද එහි ජීවත් වන බවයි, වාර්තා වන්නේ. ඊශ්‍රායලයට ඇති අයිතිය පිළිගනු ලැබූ ප්‍රථම රට අමෙරිකාවයි.

    ඒ පසුගිය ට්‍රම්ප් පාලන සමයේදී. ගෝලාන් කඳුකර ප්‍රදේශය මීට පෙර සිරියාවට අයත්ව තිබිණ. ඊශ්‍රායලය 1967 දී සයදින යුද්ධයේ දී මෙම ප්‍රදේශය අත්පත් කරගත් අතර එය 1981 දී තම රටට ඈඳා ගනු ලැබීය.

    අන්තර්ජාතික ප්‍රජාව ඊශ්‍රායලයේ මෙම ක්‍රියාමාර්ගය අන්තර්ජාතික නීතියට විරුද්ධ බවට දැඩි ලෙස ප්‍රකාශ කළේය.

    එහෙත්, වත්මන් බයිඩන් පාලනය ද ගෝලාන් කඳුකර ප්‍රදේශයට ඊශ්‍රායලයේ ඇති අයිතිය පිළිබඳව දක්වන්නේ සුබවාදී ආකල්පයක්.

    මේ හේතුවෙන් ඊශ්‍රායලය එම ප්‍රදේශයේ තම ක්‍රියාකාරකම් වර්ධනය කරමින් සිටියි.

    Last modified on සදුදා, 27 දෙසැම්බර් 2021 11:22

    Latest News