එතුමා, ස්වර්ගස්ථ වනවිට 90 වැනි වියෙහි පසුවුණා. අගරදගුරුතුමන්ගේ ස්වර්ගස්ථවීම පිළිබඳ සටහනක් තබමින්, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා පවසන්නේ, එතුමන් වර්ණ භේදවාදයට එරෙහිව සිය කලාපයෙන් හා ගෝලීය වශයෙන් ක්‍රියා කළ විශිෂ්ඨ ආධ්‍යාත්මික නායකයෙකු බවයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ස්වර්ගස්ථවූ අගරදගුරු ඩෙස්මන් ටුටූ, දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදයට එරෙහි ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ සමකාලිනයෙකු ද වන බවයි. ගෝලීය වර්ණ හා වර්ග භේදවාදයට මුල් වූ අරගලයන් හමුවේ, එතුමාගේ මැදිහත්වීම සහ කැපවීම් අගයමින්, නොබෙල් සාමත්‍යාගය 1984 දී පිරිනැමුණා.
1960 දී පූජක දිවියට ඇතුළතු වූ එතුමන්, 1984 දී දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පළමු කළු ජාතික අගරදගුරු ලෙස පත් වුණා. 1990 දශකයේ අගභාගයේ සිට එතුමන් පිළිකා රෝගයකින් පීඩා විඳි අතර හිටපු සහ වර්තමාන ලෝක නායකයින් එතුමන්ට උපහාර දක්මවින් ශෝක පණිවුඩ නිකුත් කර තිබෙනවා.