බෝම්බ ප්‍රහාරයකින් කොංගෝ රාජ්‍යයේ 7ක් මරුට

දෙසැ 26, 2021

    කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර බෙනී නගරයේ ජනාකීර්ණ අවන්හලක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

    තවත්, පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. බෝම්බය පුපුරවා ගන්නා අවස්ථාවේ 30 කට අධික පිරිසක් අවන්හල තුළ සිට ඇති අතර,  ඔවුන් නත්තල් උත්සවය සමරමින් සිට ඇති බවයි, වාර්තා වන්නේ. පිපිරීමෙන් පසු ආරක්ෂක අංශ එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේ නිවෙස් තුළම රැඳී සිටින ලෙසයි.

    එරට බලධාරින් පවසන්නේ,  කම්පාලා අගනුවර ඇතුළු රාටේ මෑතකාලීනව සිදුවූ ප්‍රහාර මාලාවන් පිටුපස අයි එස් සංවිධානයට අනුබද්ධ එස් ඩී එෆ් සංවිධාය ඇති බවයි. එහෙත්, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් බාරගෙන නැහැ.

    Last modified on ඉරිදා, 26 දෙසැම්බර් 2021 11:36

    Latest News