කොංගෝවට කොරෝනා මදිවට සරම්ප

මාර් 24, 2020

    කොංගෝ රාජ්‍යෙය් මේවන විට සරම්ප වෛරසය පැතිරෙමින් පවතින බවට වාර්තා වේ.

    ප්‍රදේශ රැසකින් රෝගීන් වාර්තා වන අතර දැනට සරම්ප රෝගීන් 18 දෙනෙකු වාර්තා වී තිබේ. අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල සහ ගෝලීය වශයෙන් සරම්ප පැතිර යාමේ අවදානමක් ඇති අතර ඉන් වැඩි වශයෙන් පීඩාවිඳින්නේ කොංගෝ ජනරජයයි.

    කොංගෝ ජනරජය මේ වන විටත් COVID-19 වෛරසයෙන් ද පීඩා විඳිමින් සිටියි. කොරෝනා වෛරසය මූලික අදියරේ පැවතුනත් එය පැතිර යාමේ අවදානමක් ඇති බවයි, බලධාරීන් පෙන්වා දෙන්නේ.

    2019 වසරේ එරට හටගත් සරම්ප වසංගතය හේතුවෙන් පුද්ගලයින් 6400ක් පමණ ජීවිතක්ෂයට පත් විය.

    Latest News