'රායි' කුණාටුවෙන් මියගිය ගණන 200ක්

දෙසැ 20, 2021

    පිලිපීනයේ රායි සුළිකුණාටුව හේතුවෙන් මිය ගිය පිරිස 200 ඉක්මවා තිබේ. තවත් 52 දෙදෙනෙකු තවමත් අතුරුදන් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මේ වන විට මිය ගිය සංඛ්‍යාව 208ක්. තුවාල ලැබූ පිරිස 239ක් ලෙසයි, ගණනය කර ඇත්තේ. මේ වසරේ පිලිපිනයට බලපෑ දරුණුතම සුළි කුණාටුව වූ මෙම රායි සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට අවතැන් වූ පිරිස 30,000කට අධිකයි.

    සුළි කුණාටුවේ බලපෑමෙන් සහ අනතුරුව හට ගත් ගංවතුර නිසා ප්‍රදේශ කිහිපයක්ම සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.

    පැයට කිලෝ මීටර 200කට අධික වේගයෙන් හමා ගිය සුළං නිසා එක් පළාතක ගොඩනැගිලිවලින් බහුතරයක් මුළුමනින්ම විනාශ විය. අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා දහස් ගණනක් හමුදා සහ පොලිස් භටයන් යොදවා තිබේ. ලොව ස්වභාවික ආපදාවලට වැඩි වශයෙන් මුහුණ දෙන රටක් ලෙසයි, පිලිපීනය හැඳින් වෙන්නේ.

    Last modified on සදුදා, 20 දෙසැම්බර් 2021 14:49

    Latest News