සුඩාන ජනපතිට එරෙහි රටපුරා විරෝධතාවක්

පෙබ 23, 2019

    සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ජනාධිපතිවරයා එරට සියලු ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ද තනතුරුවලින් ඉවත් කර ඇති බවයි, වාර්තාවේ. වසර 30ක් බලයේ සිටි සුඩාන ජනාධිපති ඕමාන් අල් බෂීර් එරට මධ්‍යම රජය විසුරුවා හැර වසරක කාලයක් සඳහා හදිසි නීතිය පනවා ඇත. ඉන්ධන හා ෆාම් ඔයිල් සඳහා පැවති සහනාධාරය ඉවත් කිරීම හේතුවෙන් සුඩාන ජනාධිපතිවරයාට එරෙහිව රට පුරා විරෝධතා ක්‍රියාත්මකවේ.

    විරෝධතා මේ වන විට උග්‍ර අතට හැරී ඇති බවයි, වාර්තා කර සිටි. 75 හැවිරිදි වියෙහි පසුවන සුඩාන ජනාධිපතිවරයාට තවදුරටත් බලයේ රැඳී සිටිය නොහැකි ලෙස ව්‍යාවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ අතර එය කල් දමන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 19:50

    Latest News