චීනයේ මේ වසරේ අඩු උපත් අනුපාතයක්

නොවැ 25, 2021

    ඉකුත් වසර හා සැසඳීමේ දී චීනයේ මේ වසරේ උපත් අනුපාතය අඩු අගයක් ගෙන තිබෙනවා.

    එරට ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශය මේ වසරේ උපත් අනුපාතය පිළිබඳ සිදුකළ දත්ත සමීක්ෂණයක දී හෙළි කරගත් එම කරුණු පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    චීනයේ 1978 සිට සියලු වසරවලට වඩා අඩු උපත් අනුපාතිකයක් ඉකුත් වසරේ වාර්තා වී තිබුණා. එය මේ වන විට ඊටත් වඩා අවම මට්ටමකට පත්ව තිබෙනවා. ජීවන වියදම ඉහළ යාම තරුණ ප්‍රජාව අතර විවාහ වීමේ අනුපාතය අඩු වීම සහ වයස්ගත පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් සිටීම ආදී කරුණු මීට හේතුවයි. වසර 17කට පසු චීනයේ අඩුම විවාහ අනුපාතය ද මේ වසරේ වාර්තා වී තිබෙනවා. ඉකුත් වසරේ මිලියන 8ක් විවාහ හා විවාහ වී ඇති අතර මේ වසරේදී ඉන් අඩක් ප්‍රමාණයක් හෝ විවාහ වී නොමැති බව නවතම වාර්තාවල සඳහන්. සමාජ විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ කොරෝනා වසංගත තත්වය මීට ප්‍රධාන වශයෙන් බලපාන්නට ඇති බවයි.

    Latest News