ගෝලීය ජනගහනයෙන් මේ වන විට බිලියන 3.32කට එන්නත් දෙකම ලබාදී අවසන්

නොවැ 25, 2021

    ගෝලීය සමස්ත ජනගහනයෙන් මේ වන විට බිලියන 3.32ට පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට හැකිවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    ලෝක ජනගහනයෙන් 46.5% ක් එම පිරිසට අයත්.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තා අනුව ගෝලීය කොරෝනා ආසාදිතයන්ගෙන් මේ වන විට 234,832,000කට වැඩි පිරිසක් සම්පූර්ණ සුවය ලබා සිටිනවා. 259,699,000 ඉක්මවූ ආසාදිත පිරිසන් 5191000කට වැඩි පිරිසක් ගෝලීය වශයෙන් මරණයට පත් වූ අතර ගෝලීය වශයෙන් දෛනිකව තවමත් 600,000 එක්වූ ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා වෙමින් පවතිනවා.

    ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් තවමත් ඇමරිකාවෙන් වාර්තා වන අතර වෛරස අවදානම වැඩි වෙමින් පවතින යුරෝපානු රටවල ද ක්‍ක්‍රමයෙන් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන බව වාර්තාවනවා.

    Latest News