ඉංග්‍රිසි ඕඩයේ යාත්‍රාවක් පෙරළෙයි - 27ක් මරුට

නොවැ 25, 2021

    බ්‍රිතාන්‍ය වෙත ගමන් කරමින් තිබූ සරණාගතයින් පිරිසක් රැගත් යාත්‍රාවක් පෙරලීමෙන් 27 දෙනකු මිය ගොස් තිබෙනවා.

    අනතුර සිදුව ඇත්තේ ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය යන රටවල දේශසීමාවේ සිට බ්‍රිතාන්‍ය වෙන්කරන මුහුදු ප්‍රදේශය වන ඉංග්‍රීසි ඕඩයේ දී ය.

    ඊයේ සිදුවූ මෙම අනතුරෙන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රථමයෙන් වාර්තා වුණා. ගලවා ගැනීමේ කණ්ඩායම් හා බ්‍රිතාන්‍ය නාවික හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් තවත් දෙනෙකු බේරාගැනීමට හැකි වී තිබෙනවා.

    මෙය ප්‍රසිද්ධව ඇත්තේ සරණාගතයන් විටින් විට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට භාවිතා කරන මුහුදු මාර්ගයක් ලෙසයි. එහි දී ඔවුන් මුහුණ දෙන අනතුරුවලින් 2014 සිට මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය බව සරණාගතයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පෙන්වා දෙනවා. මිය ගිය පිරිස අතර කාන්තාවන් පස් දෙනෙක් හා කුඩා ගැහැණු ළමයෙකු ද සිටින බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News