ඇෆ්ගනිස්ථානය සාගත තත්වයක් ආසන්නයේ

නොවැ 09, 2021

    ඇෆ්ගනිස්ථානයේ ජනතාව සාගත තත්වයකට ගොදුරු වීමට ආසන්න බව ලෝක ආහාර වැඩසටහන පවසයි.

    එළඹෙන ශීත සෘතුවේදී මෙය වඩාත් දරුණු ලෙස බලපානු ඇති බවයි එම වැඩසටහන නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

    තලෙබාන් සංවිධානය,ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අත්පත් කර ගැනීමත් සම එරට දැඩි අර්බුදකාරී තත්වයකට ගොදුරුව සිටියි. සියලු අංශ දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් එරට ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

    ලෝක ආහාර වැඩසටහන පවසන්නේ, මේ තත්වය හේතුවෙන් මිලියන 22ක ජනතාව දරුණු සාගත තත්වයකට ගොදුරු වීමට ආසන්නව සිටින බවයි.

    වර්තමානයේ මිහිමත ඇති දරුණුම මානුෂීය අර්බුදය බවට පත්ව ඇතැයි, එම වැඩසටහන ප්‍රකාශ කරයි.

    Latest News