මිසයිල සහිත නව සබ්මැරීනයක්

පෙබ 18, 2019

    ඉරානය නව සබ්මැරීනයක් දියත් කරයි. එරට දී නිපදවන ලද මෙම නවතම සබ්මැරීනය මිසයිලවලින් ද සන්නද්ධ වෙයි.

    ඉරාන ජනාධිපති හසන් රවුහානි විසින් මෙය දියත් කරනු ලැබීය. ඒ ඉරානයේ බන්ධාර් අබ්බාස් වරාය නගරයේ සිටයි. මෙය ටොන් 600ක බරින් යුක්ත වන අතර අති නවීන තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවා තිබේ.

    එහි කෘස් මිසයිල, ටෝපිඩෝ, නාවුක බිම් බෝම්බ ඇතුළු නවතම අවිවලින් සන්නද්ධ බවයි, ඉරාන වාර්තා සඳහන් කරන්නේ. ඒවා දිය යට සිටම එල්ල කිරීමේ හැකියාවක් ද පවතින බවයි, ඉරාන මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 10:03

    Latest News