'ඩෙල්ටා ප්ලස්' ඉන්දියාවේ ප්‍රාන්ත10ක් බිලිගනී

ජූනි 26, 2021

    ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්ලස් කොරෝනා නව වෛරස ප්‍රභේදය මේ වන විට ප්‍රාන්ත 10කින් හමුවී තිබේ.

    එරටට මහත් විනාශයක් ගෙනදුන් ඩෙල්ටා වෛරස ප්‍රභේදය දැනට රටපුරා දිස්ත්‍රික්ක 174ක ව්‍යාප්ත වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ.

    ඉන්දියාවේ දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වූයේ ඩෙල්ටා වෛරස ප්‍රභේදය මුල් කරගෙනයි. වසංගතය ආරම්භයේ දී එනම්, ඉකුත් මාර්තු මාසයේ දී ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාවේ දිස්ත්‍රික්ක 52ක ව්‍යාප්ත වී තිබිණ.

    මේ වන විට දිස්ත්‍රික්ක 174ක පුළුල් වෛරස ව්‍යාප්තියක් දක්නට ලැබෙයි. එමෙන්ම, දිස්ත්‍රික්ක 500ක 5%ක පමණ ආසාදන තත්වයක් නිරන්තරයෙන් වාර්තා වන බවයි,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය බාල්රාම් භාර්ගව ප්‍රකාශ කරන්නේ.

    ඒ නිසා කොරෝනා ආසාදන ක්‍රමයෙන් අඩුවන බවක් පෙන්නුම් කළ ද වසංගතයේ තර්ජනය තවමත් පවතින බවත් තුන්වැනි රැල්ලක් දක්වා එය ව්‍යාප්ත විය හැකි බවත් වෛද්‍ය බාල්රාම් ප්‍රකාශ කරයි.

    Last modified on සෙනසුරාදා, 26 ජූනි 2021 12:20

    Latest News