“ඩෙල්ටා ප්ලස්“ වෛරස් ප්‍රභේදය රටවල් 11ක

ජූනි 25, 2021

    ඉන්දියාවෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ අලුත්ම “ඩෙල්ටා ප්ලස්“ කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 11කින් සොයා ගනු ලැබ තිබේ.

    මේ වනවිට ගෝලීය වශයෙන් කොරෝනා වෛරසයේ විවිධ ප්‍රභේද 160ක් පමණ සොයා ගනු ලැබ ඇතැයි ලන්ඩන් විශ්වවිද්‍යාලය ප්‍රකාශ කරයි. ලොව පුරා දැනට හඳුනාගනු ලැබූ “ඩෙල්ටා ප්ලස්“ ආසාදිතයන් සංඛ්‍යාව 200කට අධිකයි.

    “ඩෙල්ටා ප්ලස්“ වෛරස් ප්‍රභේදය පැතිරයාම වේගවත් වී තිබෙන්නේ, ඉන්දියාවෙන් ආරම්භ වූ ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය වශයෙන් දැඩි තර්ජනයක් ඉස්මත් කර ඇති අවස්ථාවකයි.

    අද වනවිට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 46%කින් ඉහළ ගොස් ඇතැයි, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    Latest News