“ඩෙල්ටා“ ප්‍රභේදය දකුණු අප්‍රිකාව පුරා ද ශීඝ්‍රයෙන් පැතිර යයි

ජූනි 27, 2021

    කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට දකුණු අප්‍රිකාව පුරා ද ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

    ඉකුත් සිකුරාදා වනවිට රෝගීන් 18,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර, මරණ 215ක් සිදුව තිබේ. අප්‍රිකා මහද්වීපයේ කොරෝනා දැඩි ව්‍යසනයකට මුහුණ පා ඇත්තේ දකුණු අප්‍රිකාවයි. එම කලාපයේ සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙක් එකක් ‍එරටින් හඳුනාගෙන ඇති අතර, කොරෝනා මරණ අනුපාතය 40%කට අධිකයි.

    දකුණු අප්‍රිකානු කුවාසූලු නටාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මියුලියෝ ඩී ඔලිවෙයිරා පසුගිය දිනක ප්‍රවෘත්ති සාකච්ජාවකදී කියා සිටියේ, නව ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි.

    වෛරසය කලාපයටම එල්ල කර ඇත්තේ, දැඩි බලපෑමක්. මේ අතර, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, දකුණු අප්‍රිකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ් යම් මන්දගාමී බවත් දක්නට ලැබෙන බවයි.

    එරට මිලියන 60ක ජනගහනයෙන් දැනට එන්නත් ලබාදී ඇත්තේ, මිලියන 2.7කට පමණි. මෙය රෝගය පාලනය සම්බන්ධයෙන් දැඩි අවදානම් තත්වයක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

    Latest News