මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දරුවන් 18,000කට කොරෝනා

මැයි 31, 2021

    ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ එක් දිස්ත්‍රික්කයක පමණක් ගතවූ මාසය තුළ දරුවන් අට දහසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ, වසංගතය පාලනයට නව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.

    මෙම තත්වය උද්ගතව ඇත්තේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහ්මද්නගර් දිස්ත්‍රික්කය තුළයි. එහි කොරෝනා සමස්ත රෝගීන්ගෙන් 10%ක් දරුවන් බවයි, වාර්තා වන්නේ.

    වෛරසයෙන් කුඩා දරුවන් බේරා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත බලධාරීන් පවසයි. ජුලි හෝ අගෝස්තු වන විට ප්‍රාන්තයේ කොරෝනා වෛරසයේ තෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් ද පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

    රෝගීන් වාර්තා වීම ඉහළයාම හේතුවෙන් ප්‍රාන්තය වසා තැබීමේ කාලසීමාව ලබන මස 15 දක්වා දීර්ඝ කෙරිණ. අගමැති නරේන්ද්‍ර මෝදි පවසන්නේ, රට තුළ කොරෝනා වෛරසය පාලනයට ඉන්දියාව මේ වන විට සිය උපරිම ශක්තිය යොදා ඇති බවයි.

    සිය මාසික ගුවන් විදුලි කතිකාවතට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. කොරෝනා වෛරසය සමග සටන් කරන අතර ස්වභාවික විපත්වලට ද මුහුණ දීමට ඉන්දියාවට සිදුවී තිබේ. ඒ සඳහා ඉන්දියාවට ඇති ශක්තිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළකළේය.

    Last modified on සදුදා, 31 මැයි 2021 12:10

    Latest News