කොවිඩ් පැමිණියේ චීන විද්‍යාගාරයෙන් ද ?

මැයි 28, 2021

    අමෙරිකාව, කොවිඩ් - 19 වෛරසය තම රටේ විද්‍යාගාරයකින් පැමිණියේ දැයි සෙවීමට නව පරීක්ෂණයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් චීන අප්‍රසාදය පළ කරයි.

    අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ වෛරසයේ මූලාරම්භය පිළිබඳ බුද්ධි වාර්තාවක ප්‍රතිඵල ඉතා ඉක්මණින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

    චීනයේ විදේශ අමාත්‍යාංශය අමෙරිකාවේ නව පරීක්ෂණය දේශපාලනික ඕනෑඑපාකම් සඳහා සිදු කරන්නක් බවට චෝදනා කරයි. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කරන ලද පරීක්ෂණ මගින් චීනයට චෝදනා කළ හැකි කිසිඳු සාක්ෂියක් සොයා ගැනීමට හැකි නොවීය.

    කොරෝනා වෛරසය චීනයේ, වූහාන්හි විද්‍යාගාරයකින් නිර්මාණය වූ බවට, චෝදනාව මීට පෙර අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද චීනයට එල්ලකර තිබිණ.


    ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය සමයේ ද අමෙරිකානු බුද්ධි අංශ යොදවා කොරෝනා වෛරසයේ ආරම්භය පිළිබඳව නැවත සොයා බැලීමට තීරණය කර තිබේ.


    වෛරසයේ ආරම්භය පිළිබඳ සොයා බැලීම තුළින් ඒ සම්බන්ධ ප්‍රතිකාර ඉක්මන් කිරීමට හා ඉදිරි වසංගත සඳහා සූදානම් වීමට අවශ්‍ය තොරතුරු හෙළිකර ගත හැකි බව අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසයි.

    Last modified on සිකුරාදා, 28 මැයි 2021 10:33

    Latest News