ගාසා ගැටුම් අතර යුද අපරාධ සොයා පරික්ෂණයක්

මැයි 28, 2021

    ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දින 11ක් පැවති ගැටුම් අතරතුර සිදුවූ යුද අපරාධ පිළිබඳ සොයා බැලිමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    ඒ සඳහා ඊයේ හදිසි ඡන්ද විමසීමක් ද පැවැත්විණ. එහිදී සාමාජික රටවල් 47න් 24ක් ඊශ්‍රායලයට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ප්‍රකාශ කළේය.

    රටවල 14ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියි. ඡන්ද ප්‍රතිඵල අනූව පරීක්ෂණ ආරම්භ කෙරිණ.

    පලස්තීන හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගාසා තීරය අරමුණු කර ගනිමින් ඇතිවූ ගැටුම්වලින් 242 දෙනෙකු මියගියේය.


    හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 13 දෙනෙකු මියගිය බව වාර්තා වෙයි.


    මේ අතර අමෙරිකාව පවසන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කරන පරීක්ෂණ කලාපයේ සාමයට තර්ජනයක් විය හැකි බවයි.

    Last modified on සිකුරාදා, 28 මැයි 2021 11:18

    Latest News