ලොව සෑම කොරෝනා මරණ තුනකින් එකක්ම ඉන්දියාවෙන්....

මැයි 11, 2021

    ලෝකයේ සිදුවන සෑම කොරෝනා මරණ තුනකින්ම එකක් ඉන්දියාවෙන් වාර්තා වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් ඉන්දියාවෙන් වාර්තාවන සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවක් මේ වනවිට දක්නට ලැබෙන බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අන්තර්ජාතික වශයෙන් අද දිනයේ පුළුල් අවදානයක් යොමුවී තිබුණේ ඉන්දියාවේ ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ප්‍රකාශය පිලිබඳවයි.

    ඉන්දියාවේ ව්‍යාප්ත වන බී.1.617 නමැති වෛරස් විශේෂය දැනට පවතින එන්නත් සඳහා ප්‍රතිචාර නොදැක්වීමට ඉඩ ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ප්‍රධාන විද්‍යාඥ මාරියා වෑන්ග් කර්ක්හෝව් ප්‍රකාශ කරන්නේ මෙය ගෝලීය වශයෙන් දැඩි අවදානයට ලක්විය යුතු බවයි.

    සතියක් තුළ වාර්තා වූ ගෝලීය මරණ සමස්තය සැලකූ කළ වැඩිම මරණ අනුපාතය ඉන්දියාවෙන් වාර්තාවේ. නවදිල්ලි ඇතුළු ප්‍රධාන නගරවලින් වාර්තා වන මරණ සංඛ්‍යාව තවමත් ඉහළ මට්ටමක පවතී. එමෙන්ම රෝහල්වල පහසුකම් ද තවමත් ප්‍රමාණවත් මට්ටමකට පැමිණ නැත. ඒ හේතුවෙන් ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර නොලබා ජිවිතයෙන් සමුගැනීමට සිදුව තිබේ.

    Latest News