ඉන්දියාවේ රෝහල් පද්ධති කඩා වැටීම නිසා, ආගමික ස්ථාන ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට...

මැයි 10, 2021

    ඉන්දියාවේ කොරෝනා රැල්ල හමුවේ රෝහල් පද්ධති කඩා වැටීම නිසා ආගමික ස්ථාන පවා ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කෙරේ.

    වෛද්‍ය සැපයුම් හා ඔක්සිජන් හිඟය මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟය ද ඉන්දියාවේ කොරෝනාවට එරෙහි සටන තවදුරටත් දුර්වල තත්වයකට පත්කර තිබේ. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවේ සුළු අඩුවක් පෙන්නුම් කරයි.

    දින තුනක් පිට පිටම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව හාර ලක්‍ෂය ඉක්මවා තිබිණත් ඊයේ එම ගණන තුන් ලක්‍ෂ 66,000 දක්වා අඩුවී තිබේ. මරණ සංඛ්‍යාව ද 3,754 දක්වා සුළු අඩුවීමක් පෙන්නුම් කරයි. ඇතැම් ඉන්දීය මාධ්‍ය චෝදනා කරන්නේ කොරෝනා පරීක්‍ෂණ සංඛ්‍යාවේ අඩුවක් නිසා ආසාදිතයන්ගේ අඩුවීම වාර්තා වී ඇති බවයි.

    ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව දැනට වාර්තාගත සංඛ්‍යාවට වඩා තුන් ගුණයකින් පමණ වැඩි බව විශේෂඥයන් පෙන්වා දෙයි.

    Latest News