පිලිප් කුමරුගේ අවමංගල්‍යයට ඥාතීන් 30කට සීමා වෙයි

අප්‍රේ 17, 2021

    ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 7.10ට පමණ බ්‍රිතාන්‍ය පිිලිප් කුමරුවන්ගේ අවමංගල්‍ය කටයුතු ආරම්භ වීමට නියමිතව තිබේ.

    කොරෝනා වසංගතය හේතුවෙන් අවමංගල්‍යයට සහභාගී වීමට අවසර ඇත්තේ, රාජක‍ීය පවුලේ ළගම ඥාතීන් 30 දෙනෙකුට පමණයි.

    පිලිප් කුමරුගේ දේහය දැනට වින්සර් මාළිගාව තුළ තැන්පත් කර තිබේ. දේහය වින්සර් මාළිගාවේ සිට අවමංගල්‍ය දේව මෙහෙය පැවැත්වෙන ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි. අවමංගල්‍ය දේව මෙහෙය කැන්ටර්බර් හි අඟරදගුරුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

    ඉන් අනතුරුව ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ඇති විශේෂ රාජකීය සුසානයක තැන්පත් කෙරේ.

    දේව මෙහෙය සඳහා රාජකීය පවුලේ ළගම අමුත්තන් 30 දෙනා පමණක් සහභාගී වන අතර ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 730කට අධික පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 17 අප්‍රේල් 2021 12:32

    Latest News