'කැපිටල් හිල්' ගොඩනැගිල්ල අසළ යළිත් ප්‍රහාරයක්

අප්‍රේ 03, 2021

    අමෙරිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ලෙස සැලකෙන වොෂ්න්ටනයේ කැපිටල් හිල් ගොඩනැගිල්ල අසළ ඊයේ නැවතත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    පුද්ගලයෙක් සිය මෝටර් රථය පොලිස් නිලධාරීන් වෙත ධාවනය කිරීමෙන් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

    ජනවාරි මස 6 වැනිදා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ලෙස සැලකෙන ජන පිරිසක් සිය විරෝධතාවය පළ කිරීමට කැපිටල් ගොඩනැගිල්ල කඩා වැටිණ.

    එම සිදුවීමෙන් මාස තුනකට පමණ පසු සිදුවූ මෙම සිද්ධිය හේතුවෙන් කැපිටල් හිල් ගොඩනැගිල්ල අවට නැවතත් ආරක්ෂාව තර කර තිබේ.

    25 හැවිරිදි පුද්ගලයෙක් විසින් සිය රථ කැපිටල් හිල් පොලිස් නිලධාරීන් වෙත ධාවනය කිරීමෙන් අනතුරුව පිහියක් අතැතිව ඉදිරියට ගොස් තිබේ.

    ඔහු වැළැක්වීමට ගත් උත්සාහයක් අසාර්ථක වීම හේතුවෙන් වෙඩි පහරින් ඔහු මියගොස් ඇති බව කැපිටල් හිල පොලිසීයේ වැඩබලන ප්‍රධානී යොගනාදන් පිට්මන් මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ.

    ප්‍රහාරය එල්ල කළ නෝවා ග්‍රීන් නමැති කළු ජාතික තරුණයා ප්‍රහාරයට පෙර ඔහුව රැකියාව අහිමි වීම පිළිබඳ හා මානසික බිඳ වැටීම පිළිබඳ සමාජ මාධ්‍ය ගිණුම්වල සඳහන් කර තිබේ.

    මේ නිසා මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සෘජුවම ප්‍රකාශ කළ නොහැකි බව කැපිටල් හිල් පොලීසිය පෙන්වා දෙයි.

    Last modified on සෙනසුරාදා, 03 අප්‍රේල් 2021 12:57

    Latest News