නව පාසල් ගොඩනැගිලි 500ක් අද අධ්‍යාපන පද්ධතියට

සැප් 09, 2019

    ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර යටතේ ඉදි කළ පාසල ගොඩනැඟිලි 500ක් අධ්‍යාපන පද්ධතියට එක් කිරීම අද (09) සිදු කිරීමට නියමිතයි.

    ඒ සඳහා සිදු කෙරෙන මූල්‍ය අයෝජන රුපියල් මිලියන දස දහසක්. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ කහතුඩුව,වෙනිවැල්කොළ ඉදිකෙරුණු ශිෂ්‍යෝදා විශේෂ හා අනතර්කරණ අධ්‍යාපන පිළිබඳ ජාතික ආයතනය ද මීට සමගාමීව සිසු අයිතියට පත් කිරීමට නියමිතයි.

    ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර 2016 සිට ආරම්භ කර ඇති මෙම පාසල් සංවර්ධන වැඩසටහනින් දිවයිනේ පාසල් 9,064ක ව්‍යාපෘතීන් 18,000ක සංවර්ධන කටයුතු සිදු කෙරේ. එහි සමස්ත මූල්‍ය අයෝජනය රුපියල් මිලියන 65,000ක්.

    Latest News