උ.කොරියාවේ යළි මිසයිල අත්හදා බැලීමක්

මාර් 30, 2021

    උතුරු කොරියාව යළිත් වරක් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියාව පවසයි.

    දකුණු කොරියානු බලධාරීන් කියා සිටින්නේ,අවම වශයෙන් මිසයිල දෙකක්වත් උතුරු කොරියාව අත්හදා බලා ඇති බවයි.

    මෙම අත්හදා බැලීම් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල විය හැකි බවයි,දකුණු කොරියානු බලධාරීන් පවසන්නේ.

    අමෙරිකානු නව ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් අනතුරුව උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් සිදුකළ පළමු අවස්ථාව මෙයයි.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නීතිරීතිවලට අනූව උතුරු කොරියාවට කිසිඳු බැලැස්ටික මිසයිල අත්හදා බැලීමක් සිදු කිරීම තහනම්.

    මෙම අත්හදා බැලීම සිදුකළ බවට තහවුරු වුවහොත්,උතුරු කොරියාවට බයිඩන් පාලනය යටතේ තවත් නව ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 30 මාර්තු 2021 10:38

    Latest News