ජර්මනියේ කොවිඩ් මරණ ගැන අනතුරු ඇඟවීමක්

නොවැ 11, 2021

    ජර්මනියේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවා යනු ඇති බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

    ඉකුත් පැය 24 තු ජර්මනියෙන් කොරෝනා මරණ 244ක් වාර්තා වී තිබේ. රට පුරා පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් රෝගය පැතිර යාම පාලනය කිරීම දුෂ්කර බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.

    එන්නත්කරණ ක්‍රියාවලියේ මන්දගාමීභාවය ඊට මූලික හේතුවක්. ජර්මනියේ සමස්ත ජනගහනයෙන් මේ දක්වා පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇත්තේ 57%කට ආසන්න පිරිසක් පමණයි.

    පවතින තත්වය හමුවේ එන්නත්කරණය වේගවත් නොකළහොත් රට වසා තැබීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    Latest News