අදියර කිහිපයක් යටතේ ජර්මනියේ පාසල් ඇරේ

පෙබ 23, 2021

    කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ ජර්මනියේ පාසල් අදියර කිහිපයක් යටතේ යළි විවෘත කිරීම ඊයේ දිනයේ ආරම්භ කෙරුණා.

    පසුගිය වසරේ දෙසැම්බර් 16 වන දින ජර්මනියේ සියලු පාසල් වසා දැමුණු අතර මාස දෙකක කාලයකට පසුවයි පාසල් යළි ආරම්භ කෙරුණේ.

    කෙසේ වුවද ජර්මනියේ ප්‍රාන්ත 16 ක පාසල් ආරම්භවීමේ ක්‍රමවේදය එකිනෙකට වෙනස් බව අධ්‍යාපන නිලධාරීන් සඳහන් කරනවා.

    වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට ජනතාව අවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්ෂණ විධි විධාන අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි, රජය නිවේදනය කරන්නේ.

     

    Latest News