එල් චාපෝගේ බිරිඳ අත්අඩංගුවට

පෙබ 23, 2021

    මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ එල් චාපෝ ගේ බිරිඳ අමෙරිකානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ මත්ද්‍රව්‍ය වෙළඳාම් කිරීමේ චෝදනාවට. එමා කොරෝනල් නමැති ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ, අමෙරිකාවේ ඩලස් අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිටයි.

    31 හැවිරිදි ඇයට කොකේන්,අයිස් හෙරොයින් සහ මරිජුවානා වෙළෙඳාම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ.

    අමෙරිකාවට මත්ද්‍රව්‍ය සැපයූ විශාලතම සැපයුම්කරුවා ලෙස සැලකුණු එල් චාපෝ මේ වන විට අමෙරිකාවේ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදිමින් සිටියි.

    Last modified on අඟහරුවාදා, 23 පෙබරවාරි 2021 11:06

    Latest News