සුප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් රිය අනතුරකට

පෙබ 24, 2021

    සුප්‍රසිද්ධ අමෙරිකානු ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හීදි රිය අනතුරකට ලක්ව තිබේ.

    ඒ හේතුවෙන් ඔහුගේ පාදයකට හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඔහුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මේවන විට සැත්කමකට ද ලක් කර ඇතැයි සදහන් වේ.

    ලොස් ඇන්ජලීස් හී ආරක්‍ෂක අංශ සදහන් කර ඇත්තේ වුඩ්ස්ගේ මෝටර්රථය පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවය. මෝටර්රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.

    45 හැවිරිදි ටයිගර් වුඩ්ස්, 15 වතාවක් ගොල්ෆ් ශූරතාව දිනා ගැනීමට සමත් වූවෙකි.

    Last modified on බදාදා, 24 පෙබරවාරි 2021 10:21

    Latest News