රජයේ වැඩ කඩා වැටී; පාඩුව බිලියන 3ක්

ජන 29, 2019

    අමෙරිකාවේ අයවැය අර්බුදය හේතුවෙන්, රාජ්‍ය කටයුතු අකර්මන්‍යවීම නිසා ඇතිවූ සෘජු පාඩුව, අමෙරිකානු ඩොලර් බිලියන 3ක් බව, එරට අය වැය කාර්යාලය පවසයි.

    එබැවින්, අමෙරිකාවේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට දශම 02කින් පහළ යනු ඇති බවටයි, කොංග්‍රස් අයවැය කාර්යාලය නිවේදනය කරන්නේ. මෙම රාජ්‍ය කටයුතු අකර්මන්‍යවීමෙන්, ආර්ථිකයට සිදු වූ සම්පූර්ණ පාඩුව ආමෙරිකානු ඩොලර් බිලියන 11ක් පමණ වනු ඇති බව, ආර්ථික විශේෂඥයින් පවසයි.

    මෙක්සිකෝ දේශසීමාව හරහා තාප්පයක් ඉදිකිරීම සඳහා අයවැයෙන් මුදල් වෙන් නොකිරීම හේතුවෙන්, මෙම අර්බුදය හටගැනිණ. ඒ නිසා, අමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම රාජ්‍ය කටයුතු අකර්මන්‍යවීම වාර්තාවූ අතර එය, දින 35ක කාලයක් පැවතිණ.

    Latest News