ඉබෝලා වෛරසයෙන් 4ක් මරුට

පෙබ 15, 2021

    බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය ‍හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් තිබේ.

    මේ සිදුවීම වාර්තා වී ඇත්තේ 2016 වසරට පසුවයි. ඉබෝලා වඩාත් මරාන්තික වෛරසයක් වන අතර, එය අප්‍රිකාවේ මාරාන්තික වසංගතයක්ව පැවැතුණේ 2013-2016 කාලසීමාවේදී.

    2016 වනවිට ඉබෝලා වෛරසය අප්‍රිකාවෙන් මුලිනුපුටා දැමීමට හැකිවී තිබුණ ද නව රෝගීන් හමුවීම මේ වනවිට එරට සෞඛ්‍ය අංශ වෙත දැඩි තර්ජනයක් එල්ල කර තිබේ.

    කොරෝනා වසංගතය පාලනය කිරීමට වෙහෙසෙන සෞඛ්‍ය සේවකයින්ට දැන් කොරෝනා වෛරසයටත් වඩා මාරාන්තික වෛරසයකට මුහුණ දීමට සිදුව ඇත. රෝගී තත්වයේ පසුවී ඉකුත් පළමුවැනි දින මියගිය සෞඛ්‍ය අංශ හෙදියක ඉබෝලා වෛරසයට ගොදුරු වී සිටි බවට හඳුනාගෙන තිබේ.

    පසුව එම අවමංගල්‍යයට පැමිනි තවත් තිදෙනෙකු ද ඉබෝලා වෛරසය ආසාදනයෙන් මියගිය බව වාර්තාවේ. මරණ වාර්තා වූ බටහිර අප්‍රිකානු නගරයක් වන ගීනි නගරයෙන් රට තුළට වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ මේ වනවිට කටයුතු කරමින් සිටී.

    Latest News