ඉබෝලා වෛරසයෙන් දැඩි බලපෑම්

පෙබ 16, 2021

    ඉබෝලා වෛරසයෙන් මියයන පිරිස මේ වන විට ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි. ගිනියා රාජ්‍යයේ දැනට මෙම රෝගය වැළඳීමෙන් රෝගීන් සිව් දෙනෙක් මියගොස් තිබේ. මේ වන විට බටහිර අප්‍රිකානු කලාපයේ ඉබෝලා වෛරසය පැතිර යාමේ අවදානමක් ඇතැයි, බලධාරීන් පවසයි.

    දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 4ක්. ඔවුන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් තුළ ප්‍රතිකාර ලබන බවයි, සඳහන් වන්නේ.

    වෛරසය ආසාදනය වූ 7 දෙනෙක් පසුගිය දිනක අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී වී ඇති අතර, එතුළින් මෙම වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇති බවට බලධාරීන් සැක පළ කරයි.

    2016 වසරේ බටහිර අප්‍රිකානු කලාපය තුළ මෙම වෛරසය පැතිර යාම නිසා පුද්ගලයින් 28,000ක් පමණ ආසාදිත වූ අතර 11,000කට වැඩි පිරිසක් මිය ගියේය.

    Latest News