දෝෂාභියෝගයෙන් ට්‍රම්ප් දිනයි

පෙබ 14, 2021

    අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් ජයග්‍රහණය කර තිබේ.

    ඒය දිනවීමට තුනෙන් දෙකක බහුතර ඡන්ද ප්‍රමාණය හිමි නොවීම ඊට හේතුවයි.

    සෙනෙට් මණ්ඩලයේ දී හිටපු ජනාධිපතිවරයාට ඒරෙහිව ගෙන ඒනු ලැබූ දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 57ක් හිමිවූ අතර, ඊට ඒරෙහිව ඡන්ද 43ක් ලැබී තිබිණ.

    ඉකුත් මස 6 වැනි දින අමෙරිකාවේ කැපිටල් හි ඇති වූ මාරාන්තික ගැටුමට අනුබල දුන් බවට චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒරෙහිව මෙම දෙවැනි දෝෂාභියෝග නඩු විභාගය ක්‍රියාත්මක කෙරිණ.

    දෝෂාභියෝගය සම්බන්ධව ට්‍රම්ප් හිටපු ජනාධිපති වැරදිකරු කිරීමට නම් තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීම සඳහා දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 67ක් අවශ්‍ය වේ.

    අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ දෙවරක් දෝෂාභියෝගයකට මුහුණ දුන් ඒකම ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්.

    ඒම දෝෂාභියෝග දෙකෙන්ම ජය ලැබූ හිටපු ජනාධිපතිවරයා අමෙරිකානුවන් සම්බන්ධව ඉතා ආඩම්බරයෙන් අදහස් ඉදිරිපත් කර තිබේ.

    Latest News